ලකා සෙනසුරාද උදේ පාන්දරම බෝඩිමෙන් පිටත් උනේ ගෙදර යන්න හිතාගෙන,කටුබැද්ද හන්දියේ සෙනග පිරිල සදුද පෝය හින්ද කට්ටිය ඔක්කොම ගෙවල් වල යනව.කොහොම කොහොම හරි මාතර බස් එකකට රින්ග ගත්ත කියමුකො...දෙයියන්ගෙ පිහිටෙන් මාතරට යනකම් හිටගෙන.10 ට විතර යන්තම් මාතරට ආපු ලකා ඊලගට නැග්ගෙ මාතර - වලස්මුල්ල බස් එකට.ඔය බස් එකේ තමා ලකා උසස් පෙළ කරන කාලෙ දිනපතාම වගේ ආවෙ ගියේ.බස් එකේ සෙනග එච්චරමත් නැහැ යන්තම කකුල් දෙකට පින්සිද්ද වෙන්න සීට් එකක් හම්බ උනා.අම්මෝ තියෙන සනීපෙ,දන්න අදුරන කීප දෙනෙකුත් ඔය අතර බස් එකේ හිටිය, ඒ අයත් එක්කත් වචනයක් දෙකක් කතා කරපු ලකා බලන් හිටියෙ බස් එක ඉක්මනට පිටත් වෙනකම්.
ඔහොම ඉන්න අතරේ බස් එකට ගොඩවෙච්ච දෙන්නෙක් දැකල ලකාට මාර සතුටක් දැනුන. දෙයියනේ,මේ අපේ සිංහල මිස්.වෙලාව කියන්නේ ඒ දෙන්න වාඩි උනේ ලකාට ඉස්සරහින් තිබුන සීට් එකේ මිස් එක්ක හිටපු ගැහැනු කෙනා මිස්ගෙ දුව වෙන්න ඇති.මිස් එක්ක කතා කරනකම් ලකාට ඉස්පාසුවක් නැහැ.බස් එකට නැගපු ගමන් මිස් බනිස් ගෙඩියක් කන්න පටන් ගත්ත, මිස් බඩගින්නෙ ඇත්තෙ, කාල ඉවර උනාම කතා කරනව ලකා හිතා ගත්ත.ඔය සිංහල මිස් ලකාලට ඉගැන්නුවෙ 10,11 වසර වලදි ඒ දවස් වලත් ලකා පිස්සුමයි නටන්නේ ඉතින් කෝ පටන් ගත්ත වෙලාවෙ ඉදන් මිස්ගෙ ගෝරනාඩුව,"කෝ අර...බයිසකලය පාඩමේ අභ්‍යාසය ලිවුවද? ......ඇයි ළමයිනෙ තමුසෙල ඉස්කෝලෙ එන්නෙ අම්මල තාත්තල කොච්චර දුක් විදිනවද උබලට පොත් පත් ටික ඇදුම් ටික අරන් දෙන්න උබල ඒ ගැනවත් හිතල වැඩ කරපල්ල නැත්තම උබලටමයි අන්තිමට දුක් වෙන්න වෙයි මේ කෑගහන අපි ටික දවසක් ඉදල මැරිල යාවි" හැමදාම ඔය විදියමයි.කොහොම උනත් මිස් ලකාලට ආදරෙයි, පන්තියේ හිටපු ළමයි ටිකත් මිස්ට ඒ වගේම අදරෙයි කොච්චර කෑගැහුවත් අන්තිමට මිස් පන්තියෙන් යන්නෙ "ඔන්න හෙට නම් වැඩ ටික කරගෙන එන්න ඕන හරිද " කියාගෙන.දැන් මිස්ට හොදටම වයසයි අවුරුදු 70ක් විතර වගේ ඒත් මිස්ගෙ කරුණාවන්ත මූනයි හිනාවයි තාම එහෙමමයි.ඔන්න ඔය අතරෙ මිස් කාල ඉවර වෙලා වගේ..
ලකා : මිස් කොහෙද ගියේ?
ලකා : මිස් කොහෙද ගියේ?
මිස් : ආ මේ ලක්මාල්නෙ මට අදුර ගන්නත් බැරි උනා...මම මේ දුවත් එක්ක බෙහෙත් ටිකක් ගන්න ආව..උදේ පාන්දර ආවෙ උදේට කෑවෙත් නැති නිසා දැන් තමයි මේ බනිස් ගෙඩියක් කෑවෙ.
ලකා : ඇයි මිස් මොකද්ද ලෙඩ?
මිස් :දියවැඩියාව..තව එක එක ලෙඩ දැන් ඉතින් වයසයිනෙ පුතා...කැම්පස් එකත් වැහුව නේද? මම ටීවි එකේ දැක්ක...
ලකා :ඔව් මිස්.
ඔහොම කතා කරකර ඉන්න අතරෙදි මිස් ලකාගේ ඔලුව අත ගෑව ලකාගෙ පපුව කඩා හැලෙන්න තරම් දුකයි. අනේ මේ මිස් ලකාට කොච්චර කෑගහන්න ඇත්ද ඒත් අද අපි ඉන්න තැන බලල මිස් කොච්චර සතුටු වෙනවද.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපු දවසෙ මිස් ලකාගෙ ප්‍රතිඵල අහල සතුටු වෙච්ච හැටි ලකාට අද වගේ මතකයි.ඉස්කෝලෙ ළමයින්ට උගුර ලේ රහ වෙනකම් කෑගහල උන් දොස්තරවරු, ඉංජ්නේරුවො රටේ ලොකු මිනිස්සු කරන්න ගුරුවරු කොච්චර වෙහෙසක් ගන්නවද,ඒත් අය ඒ වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ, ඒක ඒ අයගෙ සතුට.අද සමහර ඉන්ටකූලර් වල යන ලොකු ලොකු මහත්තුරු තමුන්ට උගන්නපු ගුරුවරු දැක්කත් නොදැක්ක වගේ යනව.උන් බයේ ඇත්තෙ උන්ගෙ ඉන්ටකූලර් ගුරුවරුන්ට දෙන්න වෙයිද කියලද දන්නෙ නැහැ.ගුරුවරු නැත්තම් කිසිම කෙනෙකුට තමන් ඉන්න තත්ව වලට ලන්වෙන්න වෙන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.ලකත් අද පොඩි හරි ජයක් ලබාගෙන තියෙනවනම් ඒ ගුරුවරුන්ට, අම්ම , තාත්තට පිංසිද්ද වෙන්න.ලකා ඉස්සර ඉදලම ගුරුවරුන්ට අදරෙයි ගුරුවරුත් එහෙමයි .ඒක ලොකු පිනක් වගෙම ආශිර්වාදයක් කියල තමයි ලකා හිතන්නෙ.
පුතා මම බහිනව...පුතාට බුදුසරණයි!
එතකොට තමා ලකා දැක්කෙ කල්පනාවෙම බහින කිට්‍ටුවටම ඇවිත් කියල
හා හොදයි මිස්....
ලකාගෙ හිත තාම දුකෙන් තියෙන්නෙ.ලකා ඉන්න තත්වෙ හැටියට ලකාට මිස් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමා මිස්ගෙ කකුල් දෙක අල්ලල වදින එක.අනේ මිස් මට සමාවෙන්න බස් එක ඇතුලෙ එහෙම කරන්න බැහැනෙ.ඒ ගමන් ලකා එක සිතින් ප්‍රර්ථනාවක් කලා....මිස්ට ඉක්මනට සුවය ලැබේවා ආයුෂ වැඩි වෙවා!!!