ආයු බොහෝ වෙවා !, අද දවස 2010.12.18 පුස් කකා තිබුන "ලක්මාල්ගේ තීරය" බ්ලොග් පිටුව ගැන බොහොම දුකෙන් හිටපු ලකා, හොද නැකතක් එහෙම බලල තමන්ගෙ බ්ලොග් පිටුව "ලකාගේ පිටුව" නමින් වෙනස් කරපු සුභ අරන්චිය තමයි මේ, කන කැස්බෑව විය සිදුරෙන් එළිය බලන්න වගේ කලාතුරකින් බ්ලොග් එක පැත්තෙ අපු ලකා අලුත් වෙනසත් එක්ක බ්ලොග් එක තමන්ගෙ ජීවිතේ කොටසක් කරගන්න තමයි හිතගෙන ඉන්නෙ.
ජීවිතේ කියන්නෙ මළ විකාරයක් කියලනෙ දැන් කාලෙ කොල්ලො කෙල්ලො හැමෝම කියන්නේ, ඒක ඇත්තටම හරිද කියන්න ලකාටත් හරියටම තේරෙන්නෙ නැහැ හැබැයි හැම වෙලාවෙම ජීවිතේ කියන්නෙ ප්‍රශ්ණ පත්තරයක් කියල නම් ලකාට හොදට තේරෙනව.එන හැම බෝලයකටම ජයසූරිය වගේ හයේ පාරවල් ගහන්න බැරි උනාට ජීවිතේ කියන්නෙ එක ලකුණ ගානෙ දුවල හරි ගොඩදා ගන්න පුලුවන් තරගයක් කියල තමා ලකාගේ සිතුවිල්ල.
ඉතින් යාලුවනේ ලකා එක හිතින් ප්‍රර්ථනා කරන්නෙ ඔය ගොල්ලො හැමෝටම තම තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියල.ඒ වගෙම ඉඩ තියෙන වෙලා
වල ලකා මොකද කරන්නෙ කියල බලල යන්න එන්න කියල හැමෝටම සුහදව ආරාධනා කරනව.

අලුත් වෙනසට සුබ පතනව ඔබට....
ReplyDeleteබොහොම ස්තුතියි නිශාල්...
ReplyDeleteජීවිතේ කියන්නේ තරඟයක් කියන එකට නම් එකඟ නෑ. එක ලකුණටත් දුවලා හති වැටුණම තේරේවි මනෝධ්‍ය....
ReplyDelete